Ordinary Time
19th October 2025
29th Sunday of Ordinary Time
Introduction
Today is the 29th Sunday in Ordinary Time. Perseverance in prayer is the theme of today’s liturgy. As Moses, with uplifted hands, brought victory to Israel, so too must we remain steadfast in prayer. Paul reminds Timothy to remain rooted in the Word of God, which equips us for every good work. Jesus urges us to pray without ceasing, trusting that God will bring justice to His chosen ones.
Liturgy of the Word
First Reading |
Exodus 17:8-13 |
Israel prevails in battle as long as Moses’ hands are raised with the staff of God. |
Responsorial Psalm |
Psalm 121 |
Our help comes from the Lord, the guardian who never sleeps. |
Second Reading |
2 Timothy 3:14–4:2 |
Scripture is inspired by God and equips us to teach, correct, and persevere in proclaiming the Word. |
Gospel Reading |
Luke 18:1-8/td>
|
Jesus teaches the necessity of persistent prayer through the parable of the persistent widow. |
Prayers of the Faithful
- 1. For the Church: that she may persevere in prayer and be steadfast in proclaiming the Word. We pray to the Lord.
- 2. For leaders: that they may pursue justice and peace, guided by God’s wisdom. We pray to the Lord.
- 3. For the weary, discouraged, or oppressed: that they may find hope in God’s unfailing love. We pray to the Lord.
- 4. For our community: that we may live by the Word of God and persist in prayer in all circumstances. We pray to the Lord.
- 5. For the faithful departed: that they may share in the eternal victory of Christ. We pray to the Lord.
Suggested Hymns
All hymns are from the Philip Neri Hymnal.
Entrance Hymn |
54 |
Father in my life |
Offetory Hymn |
134 |
Blest are you Lord |
Communion Hymn |
235 |
O Lord my God |
Final Hymn |
210 |
Hand in hand with Christ our Brother |
සාමාන්‍ය සමය
2025, ඔක්තෝබර් 19
සාමාන්‍ය සමයේ 29 වන ඉරුදින
හැඳින්වීම
සෑම වසරකම ඔක්තෝබර් මස අවසන් ඉරුදිනට ප්‍රථම ඉරුදින විශ්ව කතෝලික සභා මාතාව ලෝක ධර්මදූත ඉරුදින සමරන්නීය. 1926 වර්ෂයේදී XI වන පියුස් ශුද්ධෝත්තම පියතුමන් විසින් ආරම්භ කරන ලද මෙම දිනයෙහි පදනම වන්නේ "එබැවින් ඔබ ගොස් සකල ජාතීන් ශ්‍රාවකයන් කරන්න" (මතෙව් 28:19) යන ජේසුස් වහන්සේගේ මහා ආඥාවයි. මෙම ජුබිලි වසරට සමගාමීව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමන් විසින් අද දිනය වෙනුවෙන් "දේව ජනතාව අතර බලාපොරොත්තුවේ ධර්මදූතයෝ" යන තේමාව ලබා දී ඇත. එමගින් ක්‍රිස්තුස් වහන්සේගේ ආලෝකය මුළු ලෝකයටම සහ විශේෂයෙන් විවිධ කරදර, බාධක හා ගැටලු මධ්‍යයේ විශ්වාසයේ බීජය වර්ධනය වන අලුත් සංඝයන් වෙත රැගෙන යාමට බෞතිස්ම ස්නාපනය ලැබු අප සැම කැඳවනු ලබයි. වසරක් පාසා ධර්මදූත පෙදෙස් හි අවශ්‍යතා වර්ධනය වේ. නව පදවි සහ මීසම් බිහිවේ. පූජක පුතුන් පුහුණු කිරීම සඳහා දෙව්සත්හල් ගොඩනැගීම හා නඩත්තු කීරීම් සිදු කළ යුතුය. යුද්ධයෙන් හෝ ස්වාභාවික ව්‍යසන වලින් හානියට පත්වූ දේවස්ථාන සහ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කළ යුතුය. එබැවින් අපිදු ශුද්ධෝත්තම පියතුමන්ගේ නායකත්වය යටතේ විශ්ව කතෝලික සභාවේ ධර්මදූත කාර්යය සඳහා යාච්ඤාවෙන් සහ මූල්‍යමය දායකත්වයෙන් සම්බන්ධ වෙමු.
දේව වචනයේ පිළිවෙත
පළමු ප්‍රකාශනය |
නික්මයාම 17:8-13 |
මෝසස් තුමන් දෙවියන් වහන්සේ විසින් දුන් සැරයටිය ගෙන දෑත් ඔසවාගෙන සිටි තෙක් ඊශ්‍රායෙල්වරුන්ට යුද්ධයෙන් ජය අත් විය. |
පිළිතුරු තෙහෙලි ගීය |
ගීතාවලිය 121 |
අපට පිහිට ලැබෙන්නේ සමිඳාණන්ගෙන් ය, නිදිබර වීමක්වත් නිදාගැනීමක් වත් නැති රැකවරණයාණන් ගෙන්ය. |
දෙවන ප්‍රකාශනය |
2 තිමෝති 3:14-4:2 |
දේවානුභාවයෙන් යුත් ශුද්ධ ලියවිල්ල, ඉගැන්වීමටද, හික්මවීමටද, දේව වචනය ප්‍රකාශ කිරීමෙහි ස්ථිරව පැවතීමටද අපව සන්නද්ධ කරයි. |
ශ්‍රී සුබාරංචි ප්‍රකාශනය |
ලූක් 18:1-8 |
වැන්දඹුව සහ විනිශ්චයකාරයා පිළිබඳ උපමාවෙන් ජේසුස් වහන්සේ අපට උගන්වන්නේ අධෛර්යය නොවී නොකඩවා යාච්ඤාවෙහි නිරත විය යුතු බවයි. |
විශ්වාසකයන්ගේ යාච්ඤාව
- 1. ශුද්ධවූ සභාව උදෙසා: ජේසුස් වහන්සේ දුන් ආදර්ශය අනුව යමින් සේවය ලැබීම නොව සේවය කිරීම මූලික කරගෙන ශුද්ධවූ සභාව තම ධර්මදූත කාර්යයෙහි වඩා ජ්වලිතව ක්‍රියාත්මක වන පිණිස ද,
- 2. ධර්මදූත සේවයේ නියැලී සිටින්නන් උදෙසා: පීඩාකාරී තත්ව යටතේ තම ජීවිත පවා පරදුවට තබමින් සුභාරංචිය පතල කිරීමට වෙහෙසෙන සියළු දෙනාට අවැසි ශුද්ධාත්ම බලය, මගපෙන්වීම හා රැකවරණය ලැබෙන පිණිස ද,
- 3. අප සංඝය උදෙසා: ධර්මදූත කාර්යයේ අවැසිතා සඳහා හැකි උපරිම ආකාරයෙන් මූල්‍යමය දායකත්වය ලබා දෙමින් පරිත්‍යාගශීලී වීමට මෙම ලෝක ධර්මදූත ඉරුදින අපගේ හදවත් විවර වන පිණිස ද,
- 4. පීඩා විඳින සභා සාමාජිකයන් උදෙසා: ආගමික, දේශපාලනික, සංස්කෘතික හෝ වෙනත් ඕනෑම හේතුවක් නිසා ඇදහිල්ලට බාධා එල්ලවී ඇති සැම සංඝයකටම බාධාවකින් තොරව ආගම ඇදහීමට අවැසි නිදහස ලැබෙන පිණිස ද,
යෝජිත ගීතිකා
සියලු ම ගීතිකා කිතුනු ගී පළමු සහ දෙවන කාණඩ වලින් තෝරාගෙන ඇත
පිවිසීමේ ගීතිකාව |
46 |
දයා ගුණ කදේ |
පඬුරු පෙරහැරේ ගීතිකාව |
107 |
කල්වාරියේ |
දිවි බොදුන් ගීතිකාව |
553 |
මම නුඹ කිසිදා |
සමාප්ත ගීතිකාව |
259 |
තුති පුදම් |